...
මධ්‍යම පළාත් සභා "සාරථී" සරත් ඒකනායක ශ්‍රවණාගාරය

මධ්‍යම පළාත් සභා සංකීර්ණය තුල පිහිටි "සාරථී" සරත් ඒකනායක ශ්‍රවණාගාරය මධ්‍යම පළාත් සභාවේ ආයතන සඳහා මෙන්ම වෙනත් රාජ්‍ය / පෞද්ගලික ආයතනවල අවශ්‍යතා සඳහා වෙන්කරවා ගත හැක

පහසුකම්

  • ආසන 507 ක ඉඩකඩ (පහත මහල 365, ඉහළ මහල 142)
  • ශ්‍රවණාගාරය සම්පූර්ණයෙන් වායුසමීකරණය කර ඇත
  • ශබ්ද පරිපාලන පහසුකම් සහිත නවීන ශ්‍රව්‍ය / දෘෂ්‍ය පද්ධතිය
  • ආලෝකකරණ පද්ධතිය
  • ස්වයංක්‍රීයව විවෘත කිරීම / වැසීමට හැකි තිරය
  • වාහන නැවැත්වීමේ පහසුකම්
  • සංග්‍රහ කටයුතු සඳහා පහසුකම් සහිත භෝජනාගාරය
  • සනීපාරක්ෂක පහසුකම්

ශ්‍රවණාගාරය වෙන් කිරීම

  1. ඔබට අවශ්‍ය දිනය සහ වේලාව ශ්‍රවණාගාරය වෙන්කිරීම සඳහා නිදහස් බව 081-4953245 දුරකථන අංකය ඇමතීම මගින් තහවුරු කරගන්න
  2. ශ්‍රවණාගාරය වෙන් කිරීම සඳහා පහත අයදුම්පත්‍රය සම්පූර්ණ කර ප්‍රධාන ලේකම් කාර්යාලයේ පාලන අංශය වෙත පැමිණ භාරදීම හෝ csecp1@gmail.com විද්‍යුත් ලිපිනය වෙත යොමුකල හැක
    ශ්‍රවණාගාරය වෙන්කිරීම සඳහා අයදුම්පත්‍රය [pdf]
  3. අයදුම්පත්‍රය සඳහා අනුමැතිය ලැබීමෙන් පසු ගෙවිය යුතු ගාස්තුව සහ මුදල් ගෙවන ක්‍රමවේදය පිළිබඳ උපදෙස් ඔබට ලැබෙනු ඇත.
  4. අදාල ගාස්තුව ගෙවූ ලදුපත වෙන්කරගත් දිනට පෙර ඉදිරිපත් කිරීම මගින් ශ්‍රවණාගාරය භාවිතා කිරීම සඳහා අවසර ලැබෙනු ඇත.

 

අයකරන ගාස්තු 

කාල සීමාව වාණිජමය නොවන වැඩසටහන් සඳහා වාණිජමය වැඩසටහන් සඳහා
පළාත් සභා ආයතන සඳහා  මධ්‍යම රජයේ ආයතන සඳහා පෞද්ගලික ආයතන සඳහා පළාත් සභා ආයතන සඳහා  මධ්‍යම රජයේ ආයතන සඳහා පෞද්ගලික ආයතන සඳහා
පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පැය 4ක් හෝ ඊට අඩු කාලයක් සඳහා 20,000 30,000 40,000 25,000 40,000 50,000
පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පැය 8ක් හෝ ඊට අඩු කාලයක් සඳහා 35,000 50,000 60,000 45,000 60,000 75,000
වෙන්කරගත් කාලසීමාවට අතිරේකව භාවිතා කරන පැයක් සඳහා අයකිරීම 5,000 5,000 6,000 5,000 5,000 8,000
පෙරහුරු පුහුණුවීම් සඳහා පැයකට  අයකිරීම 4,000 4,000 4,000 4,000 4,000 4,000
ආපසු ගෙවනු ලබන තැන්පතු මුදල - - 15,000 - - 15,000
වැඩසටහන පස්වරු 5.00 න් පසුවත් පැවැත්වේ නම් අයකරන ස්ථාවර ගාස්තුව 4,000 4,000 4,000 4,000 4,000 4,000

 

ශ්‍රවණාගාරය භාවිතය සඳහා උපදෙස් සහ කොන්දේසි

  • ශාලාව තුලට පිටතින් රැගෙන එනු ලබන සියළුම සැරසිලි, මේස, පුටු ආදී උපකරණ ආපසු ඉවත් කිරීම අනිවාර්යෙන් සිදුකල යුතු අතර, පිටතින් රැගෙන එනු ලබන භාණ්ඩවල වගකීම ඔබ විසින් භාරගත යුතුය.
  • ශාලාව තුළ ස්ථානගත කර ඇති උපකරණ එම ස්ථානවල තිබිය යුුතු අතර උපකරණවලට අලාභහානි නොවන සේ භාවිතා කල යුතුය.
  • අපද්‍රව්‍ය නියමිත පරිදි නියමිත කසළ බඳුන්වලට බැහැර කිරීම සිදුකල යුතුය.
  • වේදිකාවේ ඇති තිරය, මයික්‍රෆෝන, ප්‍රක්ෂේපණ යන්ත්‍ර ආදී උපකරණ ක්‍රියාකරවීමේදී කාර්යමණ්ඩලයේ සහය ලබාගත යුතුය.
  • ප්‍රධාන ඉංජිනේරුගේ අනුමැතියකින් තොරව දැනට සවිකර ඇති පද්ධතිය වෙත අමතර වේදිකා පහන්, ශබ්ද විකාශන උපකරණ ආදිය අළුතින් සවිකිරීම, මාරුකිරීම නොකල යුතුය.
  • ශාලාව තුල ගිණි දැල්වීම (පොල්තෙල් පහන හැර), දුම් පිටවන උපකරණ ක්‍රියාකරවීම නොකල යුතුය. එසේ කළහොත් ගිණි ආරක්ෂණ පද්ධතිය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වී ජල විසිරනය සිදුවේ.
  • සැරසිලි සහ නාමපුවරු හේතුවෙන් ශාලාවේ බිත්ති සහ උපකරණවලට හානි සිදු නොවන පරදි සුදුසු ආධාරක යොදාගත යුතුය.
  • වේදකාව තුල සහ ප්‍රේක්ෂකාගාරය තුල ආහාරපාන ගැනීම සහ සංග්‍රහ කටයුතු සිදුකිරීම නොකල යුතුය. ඒ සඳහා ශ්‍රවණාගාරය තුල වෙනම ස්ථානයක් සූදානම් කර ඇත.
  • ශාලාව තුළ ඇති සම්පත් වලින් උපරිම සහ කාර්යක්ෂම සේවාවක් ලබාදීමට අප කාර්යමණ්ඩලය නිරන්තරයෙන් සූදානම්ව සිටින අතර, ඔබගේ කාර්ය සඳහා එම සම්පත් ප්‍රමාණවත් ද යන්න පිළිබඳව පුද්ගලිකව පරීක්ෂා කර බැලීම ඔබගේ වගකීමකි
  • ශ්‍රවණාගාරය භාවිතා කරන අවස්ථාවලදී අවශ්‍ය සම්බන්ධීකරණ කටයුුතු සහ සේවාවන් සඳහා කාර්ය මණ්ඩලයේ කෙනෙකු රඳවා තබනු ඇත.

 

දුරකථන අංක

ශ්‍රවණාගාරය වෙන් කිරීම සහ වැඩිදුර තොරතුරු සඳහා 081-4953245
ශ්‍රවණාගාරය භාවිතයේදී ඇතිවන අවශ්‍යතා සඳහා 264 / 334 (අභ්‍යන්තර දුරකථන අංක)
තාක්ෂණික අවශ්‍යතා / ලබාදෙන සේවාව පිළිබඳ පැමිණිලි 274 (අභ්‍යන්තර දුරකථන අංක)  / 071-4395601 (ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු)