...
තොරතුරු තාක්ෂණ ඒකකය

කාර්යභාරය

  • රජයේ ඩිජිටල්කරණ වැඩසටහන මධ්‍යම පළාත තුල ක්‍රියාත්මක කිරීම සඳහා මධ්‍යම රජයේ ආයතන සහ පළාත් ආයතන අතර සම්බන්ධීකරණය ඇතිකිරීම.
  • ප්‍රධාන ලේකම් කාර්යාලයේ දෛනික රාජකාරි කටයුතු සඳහා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය භාවිතයෙන් අවශ්‍ය සහයෝගය ලබාදීම.
  • ප්‍රධාන ලේකම් කාර්යාලයේ පරිගණක සහ ආශ්‍රිත උපාංගවල මනා ක්‍රියාකාරීත්වය සහතික කිරීම, තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් ලබාදීම.
  • මධ්‍යම පළාත් සභාවේ නිල වෙබ් අඩවිය සහ මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවිය යාවත්කාලීනව පවත්වාගෙන යාම සහ වැඩිදියුණු කිරීම.
  • අවශ්‍යතාවය පරිදි තොරතුරු පද්ධති නිර්මාණය කිරීම සහ යාවත්කාලීනව පවත්වාගෙන යාම.
  • පරිගණක සහ ආශ්‍රිත තාක්ෂණික උපකරණ ප්‍රසම්පාදන කටයුතුවලදී පිරිවිතර සකස් කිරීම, ලංසු ඇගයීම සිදුකිරීම සහ තත්ව පරීක්ෂාවන් සඳහා ප්‍රධාන ලේකම් කාර්යාලය සහ පළාතේ අනෙකුත් ආයතන වෙත සහයෝගය ලබාදීම.
  • පරිගණක සහ ආශ්‍රිත තාක්ෂණික උපකරණ අපහරණය සඳහා නිර්දේශ ලබාදීම.

කාර්යමණ්ඩලය

  තනතුර අනුමත සිටින
1 තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නිලධාරී 2 2
2 තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සහායක 2 1
3 කාර්යාල කාර්ය සහායක 1 1