මධ්‍යම පළාත් භාණ්ඩාගාරය යටතේ පවතින අයවැය දෙපාර්තමේන්තුවෙහි ප්‍රධාන කාර්යභාරය වන්නේ මුදල් කොමිෂන් සභාව සමඟ සම්බන්ධීකරණය වෙමින් මධ්‍යම පළාත් සභාව වෙනුවෙන් වාර්ෂික අයවැය ඇස්තමේන්තු සකස් කිරීම හා පරිපූරක ඇස්තමේන්තු සකස් කිරීමයි.මීට අමතරව ඊට සමගාමීව වාර්ෂික මුදල් ප්‍රකාශය පිළියෙල කිරීම, විසර්ජන ප්‍රඥප්තිය පිළියෙල කිරීම, වොරන්ට් බලපත්‍ර සකස් කිරීම හා අනුමැතියට යොමු කිරීම, ගරු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සංවර්ධන යෝජනා සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම, පළාත් පාලන ආයතන වෙත මුද්දර ගාස්තු සහ උසාවි දඩ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම, පළාත් සභාවේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ආයතන සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සම්බන්ධ සියලුම කටයුතු හා ප්‍රතිපාදන මාරු කිරීම්, එම ආයතනවල අත්තිකාරම් ගිණුම් සීමා සංශෝධනය කිරීම, නිලධාරීන්ගේ රාජකාරී විදේශ ගමන් සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම අයවැය දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි.