
මධ්‍යම පළාත් සභාව විසින් සම්මත කරගත් 1990 අංක 17 දරණ මුදල් ප්රඥප්තියේ නීතිමය රාමුව තුල මධ්‍යම පළාත් ආදායම් දෙපාර්තමේන්තුව ස්ථාපිත කර ඇති අතර මුදල් අමාත්‍යවරයා වන ගරු ප්‍රධාන අමාත්‍යතුමාගේ සහ ප්‍රධාන ගණන්දීමේ නිලධාරි වන මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්තුමාගේ අධීක්ෂණය යටතේ මෙම දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වේ.
පළාත් සභාවලට අදාලවන ආදයම් ප්‍රභවයන් ඵලදායිව පරිපාලනය කිරීම මඟින් පළාතේ ජනතාවගේ අභිවෘද්ධිය සඳහා අවශ්‍යවන මූල්‍ය සම්පත්, බදු හා ගාස්තු වශයෙන් රැස් කිරීමටත්, ඒ සඳහා අවශ්‍යවන විධිමත් වැඩපිළිවෙලක් කාලීන අවශ්‍යතා මත පවත්වාගෙන යාමත් අරමුණයි.
බදු හා ගාස්තු පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම, උපදෙස් සැපයීම සහ බදු හා ගාස්තු ගෙවීම සඳහා ලිපි ලේඛන සැපයීමත් අපගේ සේවාවන්ය.