Chief Secretary
[ English translation not available]

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය අනුව, 1987 අංක 42 දරන පළාත් සභා පනතින් ස්ථාපනය කර ඇති මධ්‍යම පළාත් සභාවේ මහනුවර, නුවරඑළිය සහ මාතලේ යන පරිපාලන දිස්ත්‍රික්ක තුනත්, ඒ තුළ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 36 ක්ද වේ.


පළාත් සභාවට පැවරුණු කාර්යයන් ඉටු කිරීම සඳහා පළාත් අමාත්‍යංශ 5ක් යටතේ දෙපාර්තමේන්තු හා ආයතන 29ක්, 50,000කට ආසන්න කාර්ය මණ්ඩලයක් සේවය කරමින් සිටී. අපගේ අරමුණ සහභාගීත්ව සංවර්ධන ප්‍රවේශය තුළින් ජනතාවට සමීප ජනතා සේවයන් ඉටු කිරීමයි. මෙම කටයුතු වලදී අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යෙය් දැක්ම ප්‍රතිපත්ති රාමුවට අදාලව කටයුතු කරමින් සිටින අතර, ඒ තුළින් මනා සමෘද්ධිමත් ගමක් සකස් කිරීමට අත්වැලක් සැපයීම අපගේ ඒකායන බලාපොරොත්තුවයි.

ජනතා හිතෛශි සේවයක් ඇති කිරීමේ දී ජනතා අපේක්ෂා මෙන්ම ජනතා ගැටළු වලටද ක්ෂණික විසදුම් ලබා දීමේ ක්‍රමවේදයක් දියත් කිරීමට පළාත් සභා උපායශීලී සංවර්ධන සැළැස්මට අනුව සියළුම කාර්යයන් සැළසුම් කර තිබේ. මෙම කටයුතු පහසු කරලීම සඳහා ජනාධිපතිතුමන්ගේ හා රජයේ ප්‍රතිපත්ති රාමුව යටතේ දුෂණයෙන් තොර කාර්යක්ෂම පාලනයක් සඳහා වන පළාත තුළ තොරතුරු සන්නිවේදන තාක්ෂණය යටතේ විනිවිදභාවයෙන් කටයුතු කිරීමට ක්‍රමවත් විද්‍යුත් ක්‍රියාවලියක් මධ්‍යම පළාත් සභාව තුළ කටයුතු කරන සියළුම නිළධාරීන් ඇතුළත් වන පරිදි ක්‍රියාවට නැංවීමට පියවර ගෙන ඇත.

තවද පළාතේ සංවර්ධන කටයුතු මෙන්ම පරිපාලනමය කටයුතු සාර්ථක කර ගැනීම සඳහා වර්තමාන ගරු ආණ්ඩුකාරතුමන්ගෙන්ද පළාත් සභාව පිහිට වු දින සිට අද දක්වා සේවය කළ ආණ්ඩුකාරතුමන්ලා/ තුමියන්ලා, මහ ඇමතිතුමන්ලා සහ පළාත් සභා මහ ඇමතිතුමන්ලා/ තුමියන්ලා සහ මන්ත්‍රී තුමන්ලා/ තුමියන්ලා ගෙන් ලැබුණු දායකත්වයද පරිපාලනමය දායකත්වය දුන් හිටපු සියළුම ප්‍රධාන ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලදරුවන් ඇතුළු අද දක්වා සේවය කරන සියළුම සුළු සේවකයාගේ පටන් පළාත් සභාවේ දියුණුව උදෙසා ප්‍රධාන ලේකම් දක්වා කටයුතු කරන සියළුම පළාත් සභාවේ රාජ්‍ය නිලධාරීන්ගේ ද දායකත්වය ඉතා අගය කරමි.

Central Province Chief Secretary
G.H.M.A. Premasinghe
Former Chief Secretaries
...
Gamini Rajarathne
2020 Apr - 2023 May
...
W.M.K. Karunarathna
2019 Dec - 2020 Apr
...
S.M. Premawansha
2013 Dec - 2019 Dec
...
R.M.D.B. Meegasmulla
2013 May - 2013 Dec
...
H.W. Gunadasa
2011 Aug - 2013 May
...
P.G. Amarakoon
2004 Jul - 2011 Jul
...
M.B. Sirisoma
2002 Apr - 2004 Apr
...
H.R. Wijesiri
2002 Jan - 2002 Jul
...
K.B. Wijekoon
2000 Feb - 2002 Jan
...
S.M. Thennakoon
1989 Apr - 1996 Oct