මධ්‍යම පළාත් රාජ්‍ය සේවකයන්ට සුවධරණී මිලදී ගැනීමට අලෙවි කවුළුවක්
2021 May 18
...
© මධ්‍යම පළාත් මාධ්‍ය ඒකකය

මධ්‍යම පළාත් සභා පරිශ්‍රයේ සේවයේ නිරත සියලු සේවකයන්ට සහ විවිධ සේවා ලබා ගැනීමට පැමිණෙන ප්‍රජාවට ප්‍රතිශක්තිය වර්ධනය කිරීමේ පියවරක් ලෙස සුවධරණී පානය ඇතුළු දේශීය ඔසු මිලදී ගැනීම සදහා වන අලෙවි කවුළුවක් ප්‍රධාන ලේකම් කාර්යාලීය පරිශ්‍රය ඉදිරිපස පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කරන ලදි .

නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා) එච්.ඩබ්.එස්.පි ජයවර්ධන සහ පළාත් ආයුර්වේද කොමසාරිස් ආචාර්ය ධම්මික අබේගුණවර්ධන යන මහත්වරුන් ගේ අධික්ෂණය යටතේ පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ඇති ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ඒකකය විසින් මෙම අලෙවි කවුළුව පවත්වා ගෙන යනු ලැබේ.