නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් පුහුණු) කාර්යාලය
ප්‍රධාන ලේකම් කාර්යාලය
මධ්‍යම පළාත් සභාව
දුරකථනය
814953254
ෆැක්ස්
812424699
ලිපිනය
නියෝජ්‍ය ප්‍රධාන ‍ලේකම් (පිරිස් සහ පුහුණු), පළාත් සභා සංකීර්ණය, පල්ලෙකැලේ, කුණ්ඩසාලේ
විද්‍යුත් තැපෑල
cpccspt@gmail.com
වෙබ් අඩවිය
https://www.cs.cp.gov.lk
වාර්ෂික පුහුණු වැඩ සටහන් පටිපාටියට අනුව සම්පත් දායකයින්ගෙන් සමන්විත සංචිතයක් සකස් කිරීම, පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම සහ ක්‍රියාත්මක කිරීම, පුහුණු වැඩසටහන් සැලසුම් කිරීම, පිරිස් හා පුහුණු අංශයේ වගකීම වන අතර, පුහුණු අවශ්‍යතා හඳුනා ගැනීම, සම්පත් දායකයින් හඳුනා ගැනීම, පුහුණු වැඩසටහන් නිර්මාණය කිරීම, පුහුණු පටිපාටියකට අනුව පුහුණු වැඩසටහන් පැවැත්වීම හා අවසාන වශයෙන් පසුවිපරම් කටයුතු සිදු කිරීම මෙන්ම භාෂා පුහුණු වැඩසටහන් පැවැත්වීම හා ඒවා අධීක්‍ෂණය ද අප විසින් සිදු කරනු ලබන අතර මධ්‍යම පළාත් සභාව තුළ සේවක සංඛ්‍යා යාවත්කාලීන කිරීම ද සිදුකරනු ලබයි.
  1. ආයතනික සංවර්ධනය සඳහා පුහුණු වැඩසටහන් සැලසුම්කර ක්‍රියාත්මක කිරීම
  2. පුහුණු වැඩසටහන් වල ප්‍රතිඵල ඇගයීම සඳහා ප්‍රායෝගික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  3. පළාත් සභාවේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු වල නියුතු නිලධාරීන් සඳහා බාහිර ආයතන මඟින් පවත්වනු ලබන පුහුණු වැඩසටහන් සඳහා නිලධාරීන් යොමුකිරීම හා ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම.
  4. පළාත් පාලන ආයතන සඳහා විශේෂිත පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම
  5. කාර්යක්‍ෂමතාවය සහ ඵලදායීතාවය අඩු ආයතන හඳුනා ගැනීම සහ එකී ආයතනවල ධාරිතාවය ඉහළනැංවීම පිණිස විශේෂිත වැඩසටහන් සංවිධානය කිරීම සහ ක්‍රියාත්මක කිරීම
  6. මධ්‍යම පළාත් සභාව සඳහා අවශ්‍ය තනතුරු අනුමත කිරීම, සංශෝධනය කිරීම, බඳවා ගැනීමේ පටිපාටි සකස් කිරීම හා නිර්දේශ කිරීම
  7. කාර්ය සාධන මට්ටම් නංවාලීම සඳහා තරඟ වැඩසටහන් ක්‍රියාත්මක කිරිම
  8. භාෂා පුහුණු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
  9. රජයේ පිළිගත් කාර්මික විද්‍යාල වලින් පුහුණු ලැබූ සිසුන් ප්‍රායෝගික පුහුණුව සඳහා පළාත් සභාවේ රාජ්‍ය ආයතන වෙත යොමු කිරීම
  10. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව හා පළාත් සභාව හරහා රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා වැඩසටහන් සකස් කිරීම
  11. විදේශ ශිෂ්‍යත්ව හා විදේශ නිවාඩුවලට අදාල කටයුතු
  12. මධ්‍යම පළාත්සභාවේ දුරකථන නාමාවලිය සකස් කිරීම
  13. ප්‍රධාන අමාත්‍ය සමුළුව සම්බන්ධ කටයුතු
  14. මධ්‍යම පළාත් රාජ්‍ය නිලධාරීන්ගේ දත්ත ඇතුලත් තොරතුරු පද්ධතියක් සකස් කිරිම හා යාවත්කාලීන කිරීම
  15. උපාධිධාරී අභ්‍යාසලාභීන් මධ්‍යම පළාත් සභාවට අනුයුක්ත කිරීම.