පළා්ත් ගීතය

සුන්දර ගිරිකුළු පවුරින් සුලකල පින්බිම වූ දෙරණේ...
මධ්‍යම දේශය ලක්මව සුරකින පින්සර හදවත වේ...
මධ්‍යම දේශය මේ... පින්සර හදවත වේ...

ගංගා මහවැව් සිහිල සදන සැලෙනා දිය ඇලි මල් විදුනා...
නිම්න භූමි කඳු සිරස අරා නිල් දළුලා රන් මුසු තනනා...
තුන් දැය එකමුතු කල රන්දාමය ලක්මව ගෙළ වට රඳනා...

සුන්දර ගිරිකුළු පවුරින් සුලකල පින්බිම වූ දෙරණේ...
මධ්‍යම දේශය ලක්මව සුරකින පින්සර හදවත වේ...
මධ්‍යම දේශය මේ... පින්සර හදවත වේ...

රන්කොත දළදා මැදුරත දුලනා රන්ගිරි සිරිපා පිපෙනා...
මධ්‍යම දේශය සරත් සමේ ගුම් නැගේ පසඟ තුරු ගොසිනා...
තුන් හෙළයට නැණ ගුණ සුරු විරුකම් ඇති මානව සම්පත සදනා ..

සුන්දර ගිරිකුළු පවුරින් සුලකල පින්බිම වූ දෙරණේ...
මධ්‍යම දේශය ලක්මව සුරකින පින්සර හදවත වේ...
මධ්‍යම දේශය මේ... පින්සර හදවත වේ...
මධ්‍යම දේශය මේ... පින්සර හදවත වේ...