නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලය
ප්‍රධාන ලේකම් කාර්යාලය
මධ්‍යම පළාත් සභාව
දුරකථනය
812236754
ෆැක්ස්
812239075
ලිපිනය
නියෝජ්‍ය ප්‍රධාන‍ ලේකම් (පාලන), පළාත් සභා සංකීර්ණය, පල්ලෙකැලේ, කුණ්ඩසාලේ
විද්‍යුත් තැපෑල
csecp1@gmail.com
වෙබ් අඩවිය
https://www.cs.cp.gov.lk

මධ්‍යම පළාත් සභාව යටතේ පවත්නා අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතනවල පරිපාලනමය වශයෙන් ඇතිවන අවශ්‍යතා සහ ගැටළුවල දී මැදිහත් වීමත්, එම ආයතන සමඟ සහ ඉන් පිටත පරිපාලන සහ ප්‍රධාන ලේකම් කාර්යාලයට අදාළ අනෙකුත් කරුණු සම්බන්ධයෙන් සම්බන්ධීකරණ කේන්ද්‍රය ලෙස කටයුතු කිරීමත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලය මගින් සිදුකෙරේ.

සපුරාලීමට ඇති ඉලක්කවල ස්වභාවය කෙරෙහි අවධානය යොමු කල විට පළාත් සභාව යටතේ පවතින ආයතනවල භෞතික හා මානව සම්පත්වල මනා උපයෝජනය කෙරෙහි ද අවධානය යොමු කිරීම ප්‍රධාන ලේකම්ගේ විෂය පථයට සමගාමීව සිදු කළ යුතු බැවින් මෙම අංශයට සංකීර්ණ ක්‍රියාවලියක නිරත වීමට සිදුව ඇත. අපේක්‍ෂිත අරමුණු තුළින් උපරිම ඵලයක් ලබා ගැනීමට විධිමත් ප්‍රවේශයන් සහ වෘත්තීය මට්ටමේ මානව සම්පත විභව්‍යතාවයන් නිසිලෙස යොදා ගැනීමේ අවශ්‍යතාවය මෙම අංශය තුළ අනිවාර්යය අංගයක් වී තිබේ.

  • ප්‍රධාන ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සියළුම ආයතනික කටයුතු, දීප ව්‍යාප්ත සේවයේ හා පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන්ගේ ආයතන කටයුතු වලට අදාල සියළු කටයුතු.
  • ප්‍රධාන ලේකම්වරයා විනය බලධාරියා ලෙස කටයුතු කරන සියළුම නිලධාරීන්ගේ විනය කටයුතු වලට අදාල රාජකාරී හා දීප ව්‍යාප්ත සේවයේ හා වෙනත් මාණ්ඩලික ශ්‍රේණිවල නිලධාරීන්ගේ විනය කටයුතු සම්බන්ධීකරණය.
  • ප්‍රධාන ලේකම් කාර්යාලයට අයත් සියළුම වාහන පිළිබඳ නඩත්තු කටයුතු, අළුත්වැඩියාවන් සම්බන්ධ කටයුතු, වාහන මිලට ගැනීම සම්බන්ධ කටයුතු සහ වාහන පවරා දීම සම්බන්ධ කටයුතු
  • සහනදායී පදනම මත වාහන ආනයනය කිරීමට අදාල බලපත්‍ර නිකුත් කිරීම
  • නිල නිවාස සම්බන්ධ කටයුතු
  • ප්‍රධාන ලේකම් කාර්යාලයට අනුයුක්ත සියළුම නිලධාරීන්ගේ ණය පිළිබඳ කටයුතු.
  • පාර්ලිමේන්තු ප්‍රශ්ණ සඳහා පිළිතුරු සැපයීම.
  • ගැසට් පත් වල පලකිරීම සඳහා ලැබෙන සියළු නිවේදන සම්බන්ධයෙන් ක්‍රියා කිරීම.
  • අමාත්‍ය මණ්ඩල රැස්වීම් වලට අදාල කටයුතු.
  • සියළුම චක්‍රලේඛ පලාත් සභාව තුල ක්‍රියාත්මක කිරීම සඳහා ගරු ආණ්ඩුකාරතුමාගේ අනුමැතියට ඉදිරිපත් කිරීම.
  • අතිකාල හා නිවාඩු දින වැටුප් ගෙවීමට අදාල කටයුතු
  • හදිසි ආපදා වන්දි ගෙවීම් නිර්දේශ කිරීම.
  • භාෂා දිරිදීමනා ගෙවීම් සම්බන්ධ කටයුතු
  • නිල හැඳුනුම්පත් නිකුත් කිරීම.
  • ඇප තැන්පත් සම්බන්ධ කටයුතු
  • ප්‍රධාන අමාත්‍ය අරමුදලට අදාල කටයුතු.
  • සියළු ඉදිකිරීම් කටයුතු සම්බන්ධීකරණය කිරීම
  • මහජන පෙත්සම් හා පැමිණිලි සම්බන්ධව ක්‍රියා කිරීම.
  • මධ්‍යම පළාත් සභාවේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු වලට අදාල නඩු කටයුතු වලදී අවශ්‍ය සහය ලබා දීම, එවැනි අවස්ථාවලදී නිලධාරීන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටීම හා නීතිපති දෙපාර්තමේන්තුවේ සහය ලබා ගැනීම හෝ අවශය අවස්ථාවන් වලදී පෞද්ගලික නීතිඥ සහය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කිරීම.
  • අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ඇතුළු මධ්‍යම පළාත් සභාවේ පරිපාලන කටයුතු වලදී පැන නැගෙන ගැටළු සඳහා නීතී උපදෙස් ලබා දීම.
  • මධ්‍යම පළාත් සභාවේ ප්‍රඥප්ති සම්පාදන කාර්යයට සහය ලබා දීම.
  • මධ්‍යම පළාත් සභාවේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු වල විෂය පථයට අයත් ගිවිසුම්, රෙගුලාසි වැනි නීතිමය ලේඛණයන් සැකසීමේදී මග පෙන්වීම.