මධ්‍යම පළාත් සභාවේ සෞඛ්‍ය සහ කෘෂිකර්ම අමාත්‍යංශ සඳහා නව ලේකම්වරු පත් ‌ කිරීම
2022 May 13
...
© මධ්‍යම පළාත් මාධ්‍ය ඒකකය

මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය හා මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය සදහා නව ලේකම්වරුන් පත්කිරීමට අදාළ ලිපි අද දින (13) පෙරවරුවේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා විසින් ඔවුන් වෙත භාර දෙනු ලැබිය.

මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ධුරයට , මෙතෙක් මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ධුරය දැරූ සුජාතා විජේසිංහ මහත්මිය පත් කරන ලදි. ඇය මධ්‍යම පළාතේ ජ්‍යෙෂ්ඨතම රාජ්‍ය නිලධාරිනියකද වෙයි.

මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය සදහා නව ලේකම් ධුරයට පත් කෙරුනේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියකු වන පසන් රත්නායක මහතා ය. මෙම ධුරයට පත් වීමට පෙරාතුව ඔහු මධ්‍යම රජයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ධුරය දැරුවේ ය.

මෙහිදී අදහස් දක්වූ ආණ්ඩුකාර ගමගේ මහතා අවධාරණය කළේ රාජ්‍ය නිලධාරීන් දෙස ජනතාව විමසිලිමත්ව බලා සිටින මේ සමයේ වඩා වගකීමෙන් හා අවංකව කටයුතු කිරීම කෙරෙහි සැලකිලිමත් විය යුතු බව යි. එසේම ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සිය කාර්ය මණ්ඩල හා මහජනතාව සමඟ සුහදව ගැටලු විසඳාගැනීමේ වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නේ ය.

රට හමුවේ පවතින අභියෝග නිවැරදි ලෙස තේරුම් ගෙන ඒ සදහා වන නිවැරදි යෝජනා සම්පාදනය කිරීම සහ නිලධාරින් මෙහෙයවා ඒවා ක්‍රියාවට නැංවීමට රාජ්‍ය නිලධාරීන්ට විශාල වගකීමක් ඇති බවත් පළාත තුල ඇති ශක්‍යතාවයන් හොදින් හදුනා ගෙන කටයුතු කල යුතු බව ආණ්ඩුකාර වරයා අවධාරණය කළේය. මේ අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න හා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නිහාල් වීරසූරිය යන මහත්වරු ද එක්ව සිටියහ.