warning
தமிழ் மொழிபெயர்ப்பு இல்லை
මධ්‍යම පළාත් ලේකම්වරුන්ගේ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ රැස්වීම
2022 May 05
...
© மத்திய மாகாண ஊடக அலகு
warning
தமிழ் மொழிபெயர்ப்பு இல்லை

ශ්‍රී ලංකා ආර්ථිකය ඉතා තීරණාත්මක සංධිස්ථානයකට පැමිණ තිබීම හේතුවෙන් රාජ්‍ය මුදල් ඉතා වගකීමෙන් හා පිරීමැස්මෙන් යුතුව පරිහරණය කරමින් මහජනතාව වෙත වඩාත් කාර්යක්ෂම සහ ඵලදායි සේවාවක් සැපයිමේ අවශ්‍යතාව අන් කවරදාටත් වඩා ප්‍රමුඛතාවයෙහිලා සැලකිය යුතුව ඇතැයි මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රජරත්ත මහතා පවසයි. සියලුම අමාත්‍යංශ ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් ප්‍රධාන අමාත්‍ය රැස්වීම් ශාලාවේදී (5) දින මෙම හමුව පැවැත්වින.

පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ උපදෙස් පරිදි ,ඒ ඒ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු මඟින් ආදායම් වර්ධනය කර ගැනීම සඳහා කල හැකි සියලුම උපාය මාර්ග සොයා බැලීමටත්, රාජ්‍ය වියදම් කළමනාකරණයේදී දැනට දෙපාර්තමේන්තු මගින් සිදුවන වියදම් අතරින් අත්‍යවශ්‍ය වියදම් පමණක් ඉතා තාර්කිකව තෝරා ගැනීම කෙරෙහි අවධානය යොමු කලයුතු බවත්, ඒ සඳහා වන නිර්මාණශීලි යෝජනා ආයතන දෙපාර්තමේන්තු ප්‍රධානින් විසින් වියදම් කළමනාකරණ කමිටුව වෙත ඉදිරිපත් කල යුතු බවත් මෙහිදී ප්‍රධාන ලේකම්වරයා සදහන් කරනු ලැබිය.

මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ඇතුළු සියලුම අමාත්‍යාංශ ලේකම් වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානින් සහභාගී විය.