විගණන දෙපාර්තමේන්තුව සංවිධානය කළ ලේ දන්දීමේ කඳවුර
2021 May 19
...
© මධ්‍යම පළාත් මාධ්‍ය ඒකකය

මධ්‍යම පළාත් විගණන දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ලේ පරිත්‍යාග කිරීමේ කඳවුරේ 12 වන පියවර මධ්‍යම පළාත් සභා සංකීර්ණයේ දී 2021 මැයි 19 වන දින පැවැත්විනි.

පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතාගේ උපදෙස් පරිදි පළාත් විගනන අධ්‍යක්ෂ එම්.එල් අබ්දුල් කාදර් මහතාගේ මෙහෙයවීමෙන් වෛද්‍ය නිරෝෂා ඉහලගම මහත්මිය ප්‍රමුඛ සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලයක දායකත්වයෙන් පවත්වනු ලැබූ මෙම වැඩසටහන දැඩි සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකුලව පැවැත්වූ අතර ලේ බැංකුව තුල සංචිත අවමව ඇති මෙවන් මොහොතක මෙම කඳවුර සංවිධානය වීම වෙනුවෙන් මධ්‍යම පළාත් සභාවට ස්තුතිය පල කල යුතු බවත් සෞඛ්‍ය අංශ වල අදහස විය.