ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 1988 වසරේදී සිදුකරන ලද 13 වන සංශෝධනය මගින් පළාත් සභා ක්‍රමය හඳුන්වාදෙන ලද අතර, මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මධ්‍යම පළාත් සභාව පිහිටවන ලදි.

පල්ලේකැලේ, කුණ්ඩසාලේ පිහිටා ඇති මධ්‍යම පළාත් සභා සංකීර්ණයෙහි ස්ථාපිත කර ඇති පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය විසින් මධ්‍යම රජය සමග මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් පළාත් සභාව යටතේ පවතින අමාත්‍යංශ, දෙපාර්තමේන්තු සහ වෙනත් ආයතන මගින් පළාතේ ජනතාවට ඵලදායී සහ කාර්යක්ෂම සේවාවක් ලබාදීමට අවශ්‍ය මගපෙන්වීම, අධීක්ෂණය සහ නියාමනය සිදුකරනු ලැබේ.

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ජී.එච්.එම්.ඒ.ප්‍රේමසිංහ මහතාගේ නායකත්වය යටතේ පාලන, පිරිස් හා පුහුණු, සැලසුම්, මුදල් සහ ඉංජිනේරු සේවා යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි පත්කර ඇති නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් පස්දෙනෙකු සහ විවිධ තනතුරු දරන නිලධාරීන් 150 ක පමණ කාර්ය මණ්ඩලයක් ප්‍රධාන ලේකම් කාර්යාලයේ සේවය කරයි.

නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කාර්යාලවලට අමතරව පළාත් විගණන දෙපාර්තමේන්තුව, පළාත් ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුව සහ කලාපීය ආර්ථික සංවර්ධන නියෝජිතායතනයද ප්‍රධාන ලේකම්ගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන අතර කළමනාකරණ සංවර්ධන සහ පුහුණු ඒකකය, නීති ඒකකය, භාෂා පරිවර්තක ඒකකය, තොරතුරු තාක්ෂණ ඒකකය, නඩත්තු ඒකකය යන ඒකක මගින් අවශ්‍ය සහායක සේවාවන් ඉටුකරනු ලැබේ.

දැක්ම

ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම පළාත් සභාව බවට පත්වීම

මෙහෙවර

මධ්‍යම පළාතේ සකළවිධ ජනතාවට උරුම සංස්කෘතික, සමාජ, ආර්ථික තත්වයන් හා ස්වභාවික පරිසරය මෙන්ම තාක්ෂණය කෙරෙහිද සුවිශේෂී අවධානයක් යොමුකර මානව හා භෞතික සම්පත් කාර්යක්ෂමව හා ඵලදායී ලෙස යොදා ගනිමින් මැදරට ජනතාවට තිරසාර අභිමානවත් උසස් ජීවන තත්වයක් උදාකරදීම.

දුරකථනය
812236754
ෆැක්ස්
812239075
ලිපිනය
පළාත් සභා සංකීර්ණය, පල්ලෙකැලේ, කුණ්ඩසාලේ
විද්‍යුත් තැපෑල
csecp1@gmail.com
කාර්යාලීය වෙලාවන් වසා ඇත
සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව 8.30 සිට ප.ව. 4.15 දක්වා
දැන්වීම් පුවරුව
2026 Jun 08
New
මධ්‍යම පළාත් සභාව සඳහා කොන්ත්‍රාත් පදනම මත දිට්වා අතිරේක කාර්ය මණ්ඩලය සඳහා තාවකාලිකව ඉංජිනේරු තනතුර සඳහා බඳවා ගැනීම
2026 Jun 02
New
මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ අභ්‍යන්තර විගණක සහ සැලසුම් ශිල්පී යන තනතුරු සඳහා අයදුම්පත් කැඳවීම. (2026 ජූනි 08 දිනට පෙර)
සිංහල தமிழ் English
2026 May 22
New
2026 අංක 01 දරණ පරිපූරක ඇස්තමේන්තුව
සිංහල தமிழ் English
2025 Dec 29
ගාස්තු උපලේඛනය 2026
සිංහල தமிழ் English
2025 Dec 22
හදිසි ඉදිකිරීම් හා අලුත්වැඩියා සඳහා කොන්ත්‍රාත් ආයතන ලියාපදිංචි කිරීම - 2025
සිංහල தமிழ் English
2025 Jul 23
2025 වසර මැද ගාස්තු උපලේඛනය
සිංහල தமிழ் English
අභ්‍යන්තර කටයුතු ඒකකය

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයෙන් සපයනු ලබන සේවාවන් සම්බන්ධයෙන් හෝ මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු සම්බන්ධව පැමිණිල්ලක් වේ නම් පහත දුරකථන අංක ඔස්සේ මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු ඒකකය වෙත ඔබගේ පැමිණිල්ල යොමු කල හැක.

Call
081-2121321
Whatsapp
0706997558
...
“සාරථී“ සරත් ඒකනායක ශ්‍රවණාගාරය වැඩිදුර තොරතුරු සහ වෙන්කිරීම් සඳහා
...
සිංගල් ට්‍රී නිවාඩු නිකේතනය වැඩිදුර තොරතුරු සහ වෙන්කිරීම් සඳහා
පළාත් දුරකථන නාමාවලිය
මධ්‍යම පළාත් සභාවට අයත් සියළුම ආයතනවල දුරකථන/ෆැක්ස් අංක, ලිපින, විද්‍යුත් ලිපින සහ වෙබ් අඩවි සම්බන්ධ තොරතුරු එකම තැනකින්.