ප්‍රධාන ලේකම්

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය අනුව, 1987 අංක 42 දරන පළාත් සභා පනතින් ස්ථාපනය කර ඇති මධ්‍යම පළාත් සභාවේ මහනුවර, නුවරඑළිය සහ මාතලේ යන පරිපාලන දිස්ත්‍රික්ක තුනත්, ඒ තුළ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 36 ක්ද වේ.

පළාත් සභාවට පැවරුණු කාර්යයන් ඉටු කිරීම සඳහා පළාත් අමාත්‍යංශ 5ක් යටතේ දෙපාර්තමේන්තු හා ආයතන 29ක්, 50,000කට ආසන්න කාර්ය මණ්ඩලයක් සේවය කරමින් සිටී. අපගේ අරමුණ සහභාගීත්ව සංවර්ධන ප්‍රවේශය තුළින් ජනතාවට සමීප ජනතා සේවයන් ඉටු කිරීමයි. මෙම කටයුතු වලදී අතිගරු ජනාධිපතිතුමාගේ ජාතික ප්‍රතිපත්ති රාමුවට අදාලව කටයුතු කරමින් සිටින අතර, ඒ තුළින් මනා සමෘද්ධිමත් ගමක් සකස් කිරීමට අත්වැලක් සැපයීම අපගේ ඒකායන බලාපොරොත්තුවයි.

ජනතා හිතෛශි සේවයක් ඇති කිරීමේ දී ජනතා අපේක්ෂා මෙන්ම ජනතා ගැටළු වලටද ක්ෂණික විසදුම් ලබා දීමේ ක්‍රමවේදයක් දියත් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර එස්.බී.එස්.අබයකෝන් මහතා දැනටමත් කටයුතු ආරම්භ කර ඇත. මේ සඳහා පළාත් සභා උපායශීලී සංවර්ධන සැළැස්මට අනුව සියළුම කාර්යයන් සැළසුම් කර තිබේ. මෙම කටයුතු පහසු කරලීම සඳහා ජනාධිපතිතුමන්ගේ හා රජයේ ප්‍රතිපත්ති රාමුව යටතේ දුෂණයෙන් තොර කාර්යක්ෂම පාලනයක් සඳහා වන පළාත තුළ තොරතුරු සන්නිවේදන තාක්ෂණය යටතේ විනිවිදභාවයෙන් කටයුතු කිරීමට ක්‍රමවත් විද්‍යුත් ක්‍රියාවලියක් මධ්‍යම පළාත් සභාව තුළ කටයුතු කරන සියළුම නිළධාරීන් ඇතුළත් වන පරිදි ක්‍රියාවට නැංවීමට පියවර ගෙන ඇත.

තවද පළාතේ සංවර්ධන කටයුතු මෙන්ම පරිපාලනමය කටයුතු සාර්ථක කර ගැනීම සඳහා පලාත් ගරු ආණ්ඩුකාරවර එස්.බී.එස්.අබයකෝන් මැතිතුමාගෙන් ද පළාත් සභාව පිහිට වු දින සිට අද දක්වා සේවය කළ ආණ්ඩුකාරතුමන්ලා/ තුමියන්ලා, මහ ඇමතිතුමන්ලා සහ පළාත් සභා මහ ඇමතිතුමන්ලා/ තුමියන්ලා සහ මන්ත්‍රී තුමන්ලා/ තුමියන්ලා ගෙන් ලැබුණු දායකත්වයද පරිපාලනමය දායකත්වය දුන් හිටපු සියළුම ප්‍රධාන ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලදරුවන් ඇතුළු අද දක්වා සේවය කරන සියළුම සුළු සේවකයාගේ පටන් පළාත් සභාවේ දියුණුව උදෙසා ප්‍රධාන ලේකම් දක්වා කටයුතු කරන සියළුම පළාත් සභාවේ රාජ්‍ය නිලධාරීන්ගේ ද දායකත්වය ඉතා අගය කරමි.

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්
ජී.එච්.එම්.ඒ. ප්‍රේමසිංහ
හිටපු ප්‍රධාන ලේකම්වරුන්
...
ගාමිණී රාජරත්න
2020 Apr - 2023 May
...
ඩබ්.එම්.කේ. කරුණාරත්න
2019 Dec - 2020 Apr
...
එම්.එස්. ප්‍රේමවංශ
2013 Dec - 2019 Dec
...
ආර්.එම්.ඩී.බී. මීගස්මුල්ල
2013 May - 2013 Dec
...
එච්.ඩබ්. ගුණදාස
2011 Aug - 2013 May
...
පී.ජී. අමරකෝන්
2004 Jul - 2011 Jul
...
එම්.බී.සිරිසෝම
2002 Apr - 2004 Apr
...
එච්.ආර්. විජේසිරි
2002 Jan - 2002 Jul
...
කේ.බී. විජේකෝන්
2000 Feb - 2002 Jan
...
එස්.එම්. තෙන්නකෝන්
1989 Apr - 1996 Oct