...
පාලන අංශය
දුරකථනය
812236754
ෆැක්ස්
812239075
විද්‍යුත් තැපෑල
csecp1@gmail.com
ලිපිනය
නියෝජ්‍ය ප්‍රධාන‍ ලේකම් (පාලන), පළාත් සභා සංකීර්ණය, පල්ලෙකැලේ, කුණ්ඩසාලේ

මධ්‍යම පළාත් සභාව යටතේ පවත්නා අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතනවල පරිපාලනමය වශයෙන් ඇතිවන අවශ්‍යතා සහ ගැටළුවල දී මැදිහත් වීමත්, එම ආයතන සමඟ සහ ඉන් පිටත පරිපාලන සහ ප්‍රධාන ලේකම් කාර්යාලයට අදාළ අනෙකුත් කරුණු සම්බන්ධයෙන් සම්බන්ධීකරණ කේන්ද්‍රය ලෙස කටයුතු කිරීමත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලය මගින් සිදුකෙරේ.

සපුරාලීමට ඇති ඉලක්කවල ස්වභාවය කෙරෙහි අවධානය යොමු කල විට පළාත් සභාව යටතේ පවතින ආයතනවල භෞතික හා මානව සම්පත්වල මනා උපයෝජනය කෙරෙහි ද අවධානය යොමු කිරීම ප්‍රධාන ලේකම්ගේ විෂය පථයට සමගාමීව සිදු කළ යුතු බැවින් මෙම අංශයට සංකීර්ණ ක්‍රියාවලියක නිරත වීමට සිදුව ඇත. අපේක්‍ෂිත අරමුණු තුළින් උපරිම ඵලයක් ලබා ගැනීමට විධිමත් ප්‍රවේශයන් සහ වෘත්තීය මට්ටමේ මානව සම්පත විභව්‍යතාවයන් නිසිලෙස යොදා ගැනීමේ අවශ්‍යතාවය මෙම අංශය තුළ අනිවාර්යය අංගයක් වී තිබේ.

 

කාර්යභාරය

  • ප්‍රධාන ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සියළුම ආයතනික කටයුතු, දීප ව්‍යාප්ත සේවයේ හා පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන්ගේ ආයතන කටයුතු වලට අදාල සියළු කටයුතු.
  • ප්‍රධාන ලේකම්වරයා විනය බලධාරියා ලෙස කටයුතු කරන සියළුම නිලධාරීන්ගේ විනය කටයුතු වලට අදාල රාජකාරී හා දීප ව්‍යාප්ත සේවයේ හා වෙනත් මාණ්ඩලික ශ්‍රේණිවල නිලධාරීන්ගේ විනය කටයුතු සම්බන්ධීකරණය.
  • ප්‍රධාන ලේකම් කාර්යාලයට අයත් සියළුම වාහන පිළිබඳ නඩත්තු කටයුතු, අළුත්වැඩියාවන් සම්බන්ධ කටයුතු, වාහන මිලට ගැනීම සම්බන්ධ කටයුතු සහ වාහන පවරා දීම සම්බන්ධ කටයුතු
  • සහනදායී පදනම මත වාහන ආනයනය කිරීමට අදාල බලපත්‍ර නිකුත් කිරීම
  • නිල නිවාස සම්බන්ධ කටයුතු
  • ප්‍රධාන ලේකම් කාර්යාලයට අනුයුක්ත සියළුම නිලධාරීන්ගේ ණය පිළිබඳ කටයුතු.
  • පාර්ලිමේන්තු ප්‍රශ්ණ සඳහා පිළිතුරු සැපයීම.
  • ගැසට් පත් වල පලකිරීම සඳහා ලැබෙන සියළු නිවේදන සම්බන්ධයෙන් ක්‍රියා කිරීම.
  • අමාත්‍ය මණ්ඩල රැස්වීම් වලට අදාල කටයුතු.
  • සියළුම චක්‍රලේඛ පලාත් සභාව තුල ක්‍රියාත්මක කිරීම සඳහා ගරු ආණ්ඩුකාරතුමාගේ අනුමැතියට ඉදිරිපත් කිරීම.
  • අතිකාල හා නිවාඩු දින වැටුප් ගෙවීමට අදාල කටයුතු.

 

කාර්ය මණ්ඩලය

  තනතුර සේවය වැටුප් පරිමාණය මට්ටම අනුමත සිටින
01 ප්‍රධාන ලේකම් _ SL4-2016 ජ්‍යෙෂ්ඨ 1 1
02 නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) SLAS  SL3-2016 ජ්‍යෙෂ්ඨ 1 1
03 සහකාර ප්‍රධාන ලේකම් (පාලන) SLAS  SL1-2016 ජ්‍යෙෂ්ඨ 2 2
04 ගණකාධිකාරී SlAcS SL1-2016 ජ්‍යෙෂ්ඨ 1 0
05 සම්බන්ධීකරණ ලේකම් Contract Fixed Allowance - 1 0
06 පරිපාලන නිලධාරී PPMAS MN7-2016 තෘතීය 1 1
07 සංවර්ධන නිලධාරී DOS MN4-2016 ද්විතීය 16 19
08 තාක්ෂණ නිලධාරී (පාලන) SLTS MN3-2016 ද්විතීය 94 12
09 කළමනාකරණ සේවා නිලධාරී PPMAS MN2-2016 ද්විතීය 19 19
10 රියදුරු PDS PL3-2016 ප්‍රාථමික 7 5
11 කාර්යාල කාර්ය සහායක OES PL1-2016 ප්‍රාථමික 7 7
12 බංගලා භාරකරු Dept. PL1-2016 ප්‍රාථමික 1 1